පෞද්ගලික අංශය හා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 03 වන දින මූවන්පික් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ නියෝජිතයන් හා විවිධ සමාගම් වල උසස් නිලධාරීන් සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මුලසුන හොබවමින් ශී‍්‍ර ලංකාවේ අල්ලස හෝ දූෂණයට අදාළ නීතිමය තත්වය හා යෝජිත සංශෝධන පිළිබද පැහැදිලි කළේය. හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පෞද්ගලික අංශයඅල්ලස හා දූෂණය මැඩලීමට අනුගමනය කරන රීතින් හා ශී‍්‍ර ලංකාවේ අල්ලස හෝ දූෂණය නැති කිරීම සදහා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සෑදීමේ ව්‍යායාමයට තම නොමද සහය ලබා දෙන බව පැවසීය.පෞද්ගලික අංශය හා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ අල්ලස හා දූෂණය මැඩලීමට හා ශී‍්‍ර ලංකාව තුළ ආයෝජනයට සුදුසු පරිසරයක් ගොඩ නැගීමට අදහස් හා යෝජනා මෙහිදී මතුවිය.