තවත් පියවරක් ඉදිරියට: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන නැගෙනහිර පලාතේ පැවැත් වූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පලමු දමිල මාධ්‍ය වැඩසටහන සාර්ථකත්ව අවසන් කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන සිය පුහුණුකරුවන් පුහුණු කිරීමේ දමිල මාධ්‍ය සමාරම්භක වැඩසටහන නැගෙනහිර පලාතෙහි අති සාර්ථක ව පවත්වන ලදි.

පස් අවුරුදු ජාතික ක්රියාකාරී සලැස්මේ වූ සුපිලිපන් රාජ්ය සේවයක් ඇති කිරීම යථාර්ථයක් බවට පත් කිරීමේ තිර අදිටනින් පියවර තබන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන සමග අත්වැල් බැඳ ගනිමින් ඒ උදෙසා සංස්කෘතිකමය මෙන් ම භාෂාමය වශයෙන් විචිත්‍ර වූ නැගෙනහිර පලාත තෝරා ගන්නා ලදි. සිවිල් සේවකයින් දූෂණ විරෝධී පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීමේ හතර වන වැඩසටහන මෙයයි. මෙම පලාතට ත්රිකුණාමලය, අම්පාර හා මඩකලපුව දිස්ත්රික්ක අයත් වන අතර එහි වෙසෙන බහුතර ජනතාව දමිල භාෂාව කතා කරන අයවේ. එබැවින්, එහි වෙසෙන ජනයා ගෙන් සැලකිය යුතු පිරිසකට එම පනිවුඩය නිවැරදිව ලබා දීමේ වැදගත්කම හඳුනාගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එම සම්පූර්ණ වැඩසටහන දමිල මාධ්යයෙන් සිදු කරන ලදි.
ජන වර්ගය අතින් මෙන් ම සංස්කෘතිකමය වශයෙන් ද නැගෙනහිර පලාත පොහොසත් වන අතර එහි ජනතාව එදිනෙදා ජීවිතයේ දී විවිධාකාර ගැටළු රාශියකට මුහුණ දෙයි. ඉන් සමහරක් හෙලි වීම හෝ සිදු නොවේ. තෙදිනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනේ දී අල්ලස් ලබා ගැනීමේ නීතියට අදාල ව පවතින නව ප්රතිපාදන පිලිබඳවත් දූෂණ වැලැක්වීම සඳහා වූ දිගු කාලීන උපායමාර්ග පිලිබඳවත් ත්රිකුණාමලය, අම්පාර හා මඩකලපුව යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම්වරුන් දීර්ග ව දැනුවත් කිරීම සිදු කරන ලදි.

මෙහි ප්රධාන දේශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් 11 තනතුර හොබවන, අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් පැවැත් වූ අතර ඇය එහි දී චර්යාත්මක වෙනසක් සිදු කිරීම සඳහා සාමූහික ව ප්රයත්න දැරීමේ වැදගත්කම ඉස්මතු කරන ලදි. එසේ ම, දූෂණය යනු මැඩලිය නොහැක්කක් බවට රාජ්ය සේවය තුල පිලිලයක් සේ කිඳා බැස ඇති ආකල්පය බිඳලීම එහි දී විශේෂයෙන් ම අභියෝගයට ලක් විය. සහයක කණ්ඩායම් වල චර්යා වෙනස් කිරීමේ වැදගත්කම ජාත්යන්තර ව ඇති නිදසුන් ගෙන හැර දක්වමින් ඇය පැහැදිලි කලාය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් මෙන් ම කීර්තිමත් රාජ්‍ය සේවිකාවක් වන නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්, රංජනී සේනෙවිරත්න මහත්මිය විසින් යමෙකුගේ වෘත්තීය දිවිය පුරාවට සුපිලිපන්න බව රැකීමේ වැදගත්කම අවධාරණය කරමින් අගනා වටිනා දේශනයක් පවත්වන ලදි.

එසේම, දූෂණයට එරෙහි වීම පිලිබඳ එක්සත් ජාතීන් ගේ සම්මුතියෙහි මූලික මූලධර්මය වන “නිවාරණය” මෙම සාකච්ඡාවේ ප්රධාන මාතෘකාවක් විය. තමන් සමග සේවය කරන කණ්ඩායමේ සුපිලිපන්නබව ඉහල නංවමින් හා එකිනෙකාට ඇති ගැටළු හා අවදානමි හඳුනාගනිමින් රාජ්ය සේවකයින් වශයෙන් මෙම මූලධර්මය සිය රාජකාරියට එක් කර ගන්නේ කෙසේ ද යන්න සහභාගී වූවන් විමසා බලන ලදි.

පූජනීයත්වයෙන් සලකනු ලබන රාජ්‍ය සේවය දෙවියන් ගෙන් ලද ඇරයුමක් වශයෙන් සැලකිය යුතුය යන්න අවධාරණය කරමින් හද සසල කරවන සුළු දේශනයක් ත්රිකුණාමල දිස්ත්රික් ලේකම්, චමින්ද හෙට්ටිආරච්චි මහතා විසින් පවත්වන ලදි. දූෂණ නඩු කටයුතු සිංහල හා දමිල භෂා ද්විත්වයෙන් ම මෙහෙය වීමේ ප්රවීනයකු මෙන් ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) තනතුර දරන සාල්ඩීන් එම්. සබ්රි මහතා මෙම තෙදින වැඩසටහන සඳහා ඉතා වටිනා සම්පත් දායකයෙක්වයක් සපයන ලදි. එසේ ම, දූෂණ විරෝධී නීති අණපනත් සම්බන්ධයෙන් ප්රවීනත්වයක් උසුලන සහකාර අධ්යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය දූෂණ විරෝධී පනත පිලිබඳ ව සහභාගී වූ පිරිසට අවබෝධයක් ලබා දෙන ලදි. ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශකවරයෙක් වන ආර්. රුෂාන්තන් මහතා සිය හසල අත්දැකීම් බෙදා හදා ගනිමින් ඉතා කුඩා චර්යා වෙනසක් ක්රමාණුකූල වෙනසකට මග පාදන්නේ කෙසේද යන්න පිලිබඳ ව අගනා දේශනයක් පවත්වන ලදි.

ඉන් අනතුරු ව, මානව අයිතිවාසිකම් ක්රියාකාරිකයෙක් මෙන් ම තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂවරයෙක් වන ජගත් ලියනාරච්චි මහතා සුපිලිපන්නබව හා සංවර්ධනය අතර ඇති සහසම්බන්ධතාවය පිලිබඳ අගතා වටිනා දේශනයක් පැවැත්වීය. ඒ සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර නිදසුන් ගෙන හැරපාමින් මෙම සම්බන්ධතාවය පිලිබඳ ව සහභාගී වූ පිරිස ගේ අවබෝධය ඉහළ නැංවීමට ඔහු කටයුතු කලේය.

එසේ ම, සියලු රාජ්ය සේවකයින් තුල තිබිය යුතු අත්යවශ්ය හැකියාවක් වන, සුපිලිපන්නබව, අල්ලස හා දූෂණයට අදාල ව පවතින ප්රතිපාදන මෙන් ම දූෂණයට එරෙහි වීම පිලිබඳ එක්සත් ජාතීන් ගේ සම්මුතියෙහි නෛතික බැඳීම් සහිත මූලධර්ම පිලිබඳ ව සාර්ථක ලෙස සන්නිවේදනය කිරීමේ කුසලතාවය, කණ්ඩායම් ක්රියාකාරකම් තුලින් ප්රාදේශීය ලේකම්වරුන්ට මෙහි දී ලබා දෙන ලදි.

ත්රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්රික්කවලින් පැමිණි නිලධාරීන් අතර බැඳීම් ඇතිවන ලෙසින් ඔවුන් අධික්ෂණය කරමින් ඉතා අගනා වටිනා සේවයක් කොමිෂන් සභාවේ අධ්යක්ෂ (පාලන) ධූරය දරන ඒ. එම්. ආර්. එස්. ඒ. අධිකාරී මහතා විසින් මෙහි දී ඉටු කරන ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිවාරණ ඒකකය මෙම සැසිය මැනවින් සැලසුම් කර සම්පූර්ණ වැඩසටහන දක්ෂ ලෙස කලමණාකරණය කිරීමට කටයුතු කරන ලදි. සුපිල්පන්නබව ප්රවර්ධනය කිරීම සඳහාත් දූෂණය තුරන් කිරීම සඳහාත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දරන්නා වූ කැපවීම විදහා පාමින්, භාෂාව හා දුරස්ථබව සම්බන්ධයෙන් වූ අභියෝග මැඩ ගෙන මෙම තෙදින නේවාසික වැඩසටහන සාර්ථක ව පවත්වන ලදි.

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

1116 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search