මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කළ සජින් වාස් යන අයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව නඩු පවරයි

කොළඹ මහ අධිකරණය විසින් විභාගවුණු එම නඩුකරයේදී විත්ති පාර්ෂවය විසින් ගනුලැබූ මූලික විරෝධතාවය පිළිගනිමින් චූදිත නිදහස් කිරීමට 2023 මාර්තු 29 වෙනි දින මහ අධිකරණ විනිසුරුතුමන් නියෝග දී ඇත.

ගරු මහ අධිකරණ විනිසුරුතුමන් ලබාදුන් එම නියෝගයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව විසින් 2023 සැප්තැම්බර් 20 වෙනි දින ප්‍රතිශෝදනා ඉල්ලුම්පතක් අභියාචනාධිකරණය වෙත ගොනුකරණ ලදී.

එම ඉල්ලුම්පත පිළිබඳ සළකා බැලූ අභියාචනාධිකරණය වග උත්තරකරුවන්ට නොතීසි නිකුත්කිරීමට නියෝග දී ඇත.

මෙම චූදිත සඳහා කොළඹ මහ අධිකරණයේදී අදිචෝදනා ගොනුකර ඇත්තේ ටී.පී.එල්. ඉන්ටර් පුද්ගලික සමාගම වෙත අයුතු සහගත ලෙස බිම් මෙහහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් එම සමාගමට අයුතු වාසියක් සිදුකිරීමයි. එම වාසිය සිද්ධ කිරීමෙන් රජයට රු. මිලියන 88 කට ආසන්න මුදලක පාඩුවක් සිද්ධවී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search