අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ විමර්ෂණ ඇතුළු තවත් නිලධාරීන් පහලොස් දෙනෙකු වග උත්තරකරුවන් කරමින් ගොනුකරතිබූ රිට් පෙත්සම 2023 නොවැම්බර් 29 වෙනිදින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි

මෙම රිට් පෙත්සම මෑතකදී මහත් ආන්දෝලනයකට ලක්වූ මිනි කූපර් රථයකට අනීතිකව ලියාපදිංචි සහතිකයක් නිකුත් කරමින් රජයට පාඩු සිද්දකිරීම සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ පරිශීලන කටයුතු සිද්ධ කළ නිලධාරීන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනය වැළැක්වීම සඳහා ගොනු කර ඇත.

එම මිනි කූපර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත නැවත භාරදී ඇත.

මෙම සැකකරුවන්ට විරුද්ධව ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව විසින් අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search