රු. 425,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 425,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 2021.03.02 වන දින නිකවැරටිය - පුත්තලම මාර්ගයේ පිහිටි පුද්ගලික අවන් හලකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට බධාවකින් තොරව පස් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා (එක් පස් ටිපර් රථයකින් රු. 1000/= බැගින්) රු. 425,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search