රු. 2000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු අල්ලස් දැලේ

පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 2000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු 2021.02.28 වන දින හුනුපිටිය දුම්රියහරස් මාර්ගය අසලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් පැදවු ලොරි රථය 2021.02.26 වන දින හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ආරක්‍ෂිත ගේට්ටුවේ වැදී සිදුවු අනතුර සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ ජාතික හැදුනුම්පත සැකකරු භාරයට ගෙන ඒ සම්බන්ධව හුණුපිටිය දුම්රිය ස්ථානාධිපති වෙත වාර්තා නොකර සිටීමට හා ඉදිරි නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රු. 2000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954


Vote for Us
logo