රු. 500/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ කණිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙකු අල්ලස් දැලේ

නාල්ල, දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 500/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු කාර්යාලයේ කණිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙකු 2021.02.17 වන දින ඉහත කාර්යාලය තුලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට අයත් ඉඩමේ වසර 25ක පත්ඉරු ලබා ගැනීමට අවශ්‍ය පත්ඉරු අංක නිසි පරිදි කාර්යාලයෙන් සොයා දී එම පත්ඉරු ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු කරදීම සඳහා සැකකරු රු. 500/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search