රු. 35000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් සබරගමු පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනියක අල්ලස් දැලේ

මාවතගොඩ, අරණායක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 35000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත සබරගමු පලාත් ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනියක 2021.02.17 වන දින සබරගමු පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය තුලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට අයත් ඉඩමක් ලියාපදිංචි කිරීමේදී එයට වැයවන හිඟ මුද්දර ගාස්තු අඩුකර සකස්කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රු. 50,000/= ක මුදලක්
අල්ලස් ලෙස ඉල්ලා පසුව එම මුදල රු. 35,000/= දක්වා අඩුකර ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search