කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
වැලි ප්රවාහන ට්රක් රථ හිමියෙකුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග නොගැනීම උදෙසා මෙම අල්ලස් මුදල අයැද තිබුණි.
ලද පැමිණිල්ලක් මත සංවිධානය කරන ලද වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට පත්ව ඇත.