කළුතර දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයකු 2023.12.05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පැමිණිලිකරුට කළුතර දිසා අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවක නඩු තීන්දු පිටපත ලබා දීම වෙනුවෙන් රුපියල් 3000/- ක්ද, රජයේ ගාස්තු වශයෙන් ගෙවු රුපියල් 200/- ක මුදල ද, ඇතුළුව රුපියල් 3200/- ක මුදලක් කාර්යාල කාර්ය සහයකයකු විසින් අල්ලස් වශයෙන් ඉල්ලා, එම මුදල ලබා ගැනීමේදී අදාල පුද්ගලයා කළුතර උසාවි සංකීර්ණය තුලදී අත්අඩංගුවට ගන්නා ලදි.