අල්ලස් ලෙස රු.75,000 (හැත්තැපන්දහසක) මුදලක් ලබාගැනීමේ චෝදනාව මත කඳාන පොලිස්ථානයේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

කඳාන පොලිස්ථානයේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන පොලිස් පරීක‍්ෂකවරයෙකු අල්ලස් ලෙස රුපියල් හැත්තෑපන්දහසක (රු.75,000/=) මුදලක් ලබාගැනීමේ චෝදනාව මත 2023.11.30 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී,

පැමිණිලිකරු විසින් බඳු පදනම මත පවත්වාගෙන යනු ලබන හෝටලය නීති විරෝධි ලෙස කාමර පහසුකම් ලබාදෙන බවට නඩු පවරන බවත්, ඒසේම දිගින් දිගටම හෝටලය පරීක්ෂා කරමින් හෝටලය කරගෙන යාමට ඉඩ නොදෙන බවත්, පවසා එසේ නොකර දිගටම හෝටලය කරගෙන යාමට ඉඩ සලසා දීමට අල්ලස් ලෙස රුපියල් ලක්‍ෂයක් ඉල්ලා නැවත 2023.11.29 වන දින හෝටලය පරික්‍ෂා කර එහි තිබු අන්සතු ජා:හැ: පත්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර සහ පැමිණිලිකරුගේ ජංගම දුරකථනය රැගෙන ගොස් රුපියල් 25,000/= මුදල් අල්ලස් වශයෙන් ලබාගෙන රැගෙන යන ලද ජංගම දුරකථනය පමණක් නැවත ලබ දී හෝටලයට නීති මගින් කටයුතු නොකර සිටිමට හා රැගෙන යන ලද ඉතිරි දේපල නැවත ලබා දිම සඳහා ඉතිරි රුපියල් 75,000/= මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනිම.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search