ලිංගික අල්ලස් ලබාගත් කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත 2023.11.22 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වරිපතනම්චේනෛ ප්‍රදේශයේ පදිංචිකාරියක වන පැමිණිලකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබෙන නඩු කටයුත්තක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර එහිදී පැමිණිලිකාරියට වාසි වන අන්දමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සදහා අල්ලස් වශයෙන් ලිංගික අල්ලස් ඉල්ලා ලබා ගැනීමට තැත් කිරීමේදී කල්මුණේ ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search