මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ තවත් අතරමැදියන් දෙදෙනෙකු 2023.11.10 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පැමිණිලිකරුට අයත් දැවිතෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරය සදහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දිය යුතු වාර්ෂික පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දීම වෙනුවෙන් රු: ලක්ෂ 100ක මුදලක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් අල්ලස් වශයෙන් ඉල්ලා, එම මුදල අතරමැදියන් දෙදෙනෙකු මගින් ලබා ගැනීමේදී එම අතරමැදියන් දෙදෙනා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදි.