රුපියල් 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රු. 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොරාන බීට්ටු වන කාර්යාලයේ සේවය කරනු ලබන බීට්ටු වන නිලධාරියකු 2023.11.09 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බක්මිටියාවත වසමේ රතුගලයාය ඉඩමේ 2005 වර්ෂයේ පමණ සිට පැමිණිලිකරු හා ඔහුගේ මස්සිනා විසින් සිදු කරනු ලබන හේන් වගාව පරීක්‍ෂා කිරීමට ඉහත සැකකාර නිලධාරියා පැමිණි අවස්ථාවේ, රජයේ ඉඩම්වල අනවසරයෙන් හේන් වගාව සිදු කරන බවට චෝදනා කර, ඔවුන් දෙදෙනා කාර්යාලය වෙත ගෙන්වා ඇප බැඳුම්කර 2 ක් අත්සන් කර, එම ඉඩම් කොටස් දෙක සඳහා නඩු පවරන බවට පවසා ඇත. එසේ සම්පූර්ණ ඉඩම් කොටස් 2 සඳහාම නඩු පැවරීම සිදු කළහොත් විශාල දඩ මුදලක් නියමවන බැවින් අඩු දඩයක් නියම වන ලෙස අක්කර කාලක ඉඩම් ප්‍රමාණය බැගින් නඩු පවරා, මෙම කන්නය සඳහා වගාව කරගෙන යාමට ඉඩදෙන බව දන්වා, එම කටයුතු සිදු කර දීම වෙනුවෙන් එක් අයකුගෙන් රු.25,000/- බැගින් ඉඩම් කොටස් 2 ට රු.50,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී මොරාන බීට්ටු වන කාර්යාලය තුළදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search