රුපියල් 80,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ හිටපු ක්‍රීඩා අධීක්‍ෂණ නිලධාරියකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 80,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ හිටපු ක්‍රීඩා අධීක්‍ෂණ නිලධාරියකු 2023.10.05 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු හට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර රැකියාවක් ලබාදෙන බව පවසා 2022 දෙසැම්බර් මස දිනක පැමිණිලිකරුගෙන් රු.50,000/- ක මුදලක් මුලින් අල්ලස් වශයෙන් ලබාගෙන ඇත. පසුව පැමිණිලිකරුගේ සහෝදරයාට සහ තවත් අයකුටද කොන්දොස්තර රැකියා ලබාදෙන බව පවසා ඒ සඳහාද එක් අයකුගෙන් රු.75,000/- ක් බැගින් සැකකරු විසින් ඉල්ලා ඇති අතර, එම මුදලින් රු.35,000/- බැගින් මුලින් ලබාගෙන, පසුව එක් අයකුගෙන් රු.40,000/- බැගින් වූ ඉතිරි රු.80,000/- ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී බොරැල්ල බස්නැවතුම්පල තුළදී ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search