රුපියල් 75000.00 (හැත්තෑපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ - නොච්චියාගම ඒකක වැඩබලන කළමණාකරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය -නොච්චියාගම ඒකක වැඩබලන ඒකක කළමණාකරු2023.09.20 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ මියගිය පියාට අයත් නොචිචියාගම මහවැලි කොට්ඨාශයේ ඉඩම් කට්ටි අංක 417/6/260 දරන ඉඩම් කැබැල්ල පැමිණිලිකරුගේ නමට බලපත්‍ර සකස් කර දිම සඳහා ඉඩම් සමීක්‍ෂණ ලේඛනයට නම ඇතුලත් කිරිමට හා බලපත්‍ර සකස්කර දිමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සදහා රුපියල් 75000/- (හැත්තෑපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී නොච්චියාගම මහවැලි ඒකක කළමණාකරන කාර්යාලය තුලදී අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search