අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා 2019 මැයි 10 දින සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයට උසස්කර තිබේ.මීට පෙර ඒ මහතා නීතිපති දොපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයද දරා ඇත.කෙසේ වෙතත් ජයමාන්න මහතා තවදුරටත් අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයා ලෙසද කටයුතු කරනු ඇත.