ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත 2019 ජනවාරි 22 වන දින (ඊයේ) පාර්ලිමේන්තුවේදි සම්මත විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පනත් සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි.



මෙම සංශෝධනය අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙත ඉදිරිපත් වන සාක්ෂි සළකා බලා අල්ලස් පනත සහ වත්කම් හෝ බැරකම් ප්‍රකාශ කිරිමේ නීතිය යටතේ නඩු පැවරිමේ බලයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබේ.  ඒ අනුව ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභා ඉදිරියේ සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි නැවත වරක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සටහන් කර ගැනීම අත්‍යාවශ්‍ය නොවේ.

මෙමගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් කිරිමේ හැකියාව ලැබේ. 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search