අකුරණ ප්‍රාදේශීය ලේකම්ට වසර 05 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

අකුරණ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කල මෝහමෙඩ් හනීෆා මෝහෝමඩ් නියාස් හට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 05 ක බරපටල වැඩ සහිත සිර දඬුවමක් හා රු.50,000 ක දණ්ඩනයක් සමග රු.5000 ක දඩ මුදලක් අද දින නියම කරන ලදී.

එලෙස දඩුවම් නියම කරන ලද්දේ වර්ෂ 2012 දී අසංක රණවක යන අයහට අයත් ගල්වලක් පවත්වාගෙන යාම සඳහා අකුරණ ප්‍රාදේශීය සබවෙන් නිකුත් කරන ලද බල පත්‍රය වෙනුවෙන් හා ඉදිරියටත් ඒ සම්බන්දයෙන් අවශ්‍ය කටයුතු කර දීම පදනම් කරගෙනරු.50000 ක් වූ මුදලක් තුටු පඬුරක් ලෙස අයැදීම හා භාර ගැනීම පාදක කරගෙන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම චුදීතට එරෙහිව කොළඹ මහා අධිකරණයේ ගොනු කරන ලද ආධි චෝදනා පත්‍රය මත මෙම නඩු විභාගය පැවතුණි.

තවද මෙම නඩුවේ 02 වන චුදිත වන එම්.ඒ.ඒ. අලි යන ය නඩු විභාගයට ප්‍රථමව වරද පිළිගන්නා ලදී.

මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වනු ලැබුවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනි මහතාය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search