දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි අවධියේ දී නීත්‍යනුකූල නොවන පරිදි පිඹුරුපත් අනුමත කරමින්, ප්‍රාදේශීය සභාවට අය විය යුතු මුදල් අහිමි කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විතාන පතිරණගේ මිලාන් සජිත් ජයතිලක මහතා 2025.05.19 වන දින පෙ.ව.10.25 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.








