2021 වසරේ දී චීනයේ Qingdao Seawin Biotech සමාගමෙන් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට ගෙවීම් කිරීම සම්බන්ධව චෝදනාවක් සඳහා සැකකරුවකු ලෙස නම්කර වරෙන්තු නිකුත් කර සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා 2025.05.19 වන දින (අද දින) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවීමෙන් අනතුරුව, 2025.05.26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර ඇත.








