ගොඩනැගිලි සැලැස්මට සහ ඉඩමේ සැලැස්මට අනුමැතිය ලබා දීම සඳහා අල්ලස් ඉල්ලා, ලබාගත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට සහ රියදුරුට එරෙහිව නඩු පවරයි

මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි සිවිල් පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට අයත් ඉඩමක ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි සැලැස්ම හා එම ඉඩමේ සැලැස්ම සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාව මගින් අනුමැතිය ලබා දීම සඳහා රු.2,000,000/= (රුපියල් මිලියන දෙකක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට සහ රියදුරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පැවරීමක් සිදු කර ඇත.

ඒ අනුව, නඩු අංක HCB/357/2025 යට‌තේ 2025.01.08 වන දින මෙම පුද්ගලයන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search