අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත් කිරීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.

දූෂණ විරෝධී පනතේ 17 (1) වගන්තිය ප්‍රකාරව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත, සහ කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසීමෙන් පසු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ඉදිරි අවරුදු පහක කාලසීමාවක් සඳහා පත් කර තිබෙන අතර, දූෂණ විරෝධී පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රධාන කාර්යභාරයන් පහත පරිදි වේ.

  • කොමිෂන් සභාවේ විධානය මත අධිචෝදනා පත්‍රයක් හෝ චෝදනා පත්‍රයක් මත අපරාධ නඩු කටයුතු පැවරීම.
  • කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කිරීම.
  • කොමිෂන් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වශයෙන් කටයුතු කිරීම.
  • දූෂණ විරෝධී පනතේ සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙනත් සියලු කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search