සුල්තානාගොඩ ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට වසර දෙකක අත්හිට වූ සිර දඬුවම් හා දඩ නියම කිරීම

රු.15,000/-ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සුල්තානාගොඩ ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව නඩු අංක එච්.සී.බී 226/2023 මගින් ගොනු කළ නඩුවකට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනීම මත 2024.04.01 වන දින කොළඹ මහාධිකරණ අංක 01 හි ගරු විනිසුරු දමිත් තොටවත්ත මැතිතුමා විසින් දඬුවම් නියම කරන ලදි.

ඒ අනුව, අදාළ පුද්ගලයාට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර, එය වසර 07කට අත්හිටුවන ලදි. තව ද, රුපියල් 5,000/-ක දඩයක් නියම කරන ලද අතර, එය නොගෙවන්නේ නම් මාස 02 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදි. නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්ව ඇති රුපියල් 15,000 /- ක මුදල රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස නියෝග කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search