පෞද්ගලික අංශය තුළ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පළමු වැඩසටහන - 2024.03.22

2023 අංක 09 දරණ නව දූෂණ විරෝධී පනත මගින් පෞද්ගලික අංශයේ ආස්ථිත්වයන්, සමාගම් සහ සංස්ථා ද ආවරණය වන පරිදි අල්ලස් හා දූෂණ සම්බන්ධ විෂය පථය පුළුල් වී ඇත. ඒ අනුව, මේ සම්බන්ධ පෞද්ගලික අංශයේ සමාගම් සහ සංස්ථා දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, Corporate Management Consultants ආයතනයේ සංවිධානත්වයෙන් 2024.03.22 වන දින මූවන් පික් (Movenpick Hotel) හෝටලයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයින් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ චේතිය ගුණසේකර මහතා, සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඩී.අයි.රාජපක්ෂ මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ (නීති) උදාරි කුමාරිහාමි මහත්මිය සහභාගී වන ලදි. එකී සම්මන්ත්‍රණයේ දී නව පනතේ වපසරිය, පෞද්ගලික අංශයේ ආස්ථිත්වයන්, සමාගම්, සංස්ථා සහ ලැයිස්තුගත සමාගම් සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති සකස් කිරීමට ඇති නෛතික බැඳියාව සහ වගකීම පිළිබඳව සාකච්ඡාවට භාජනය විය. එමෙන් ම තෑගි රීති සහ බැඳියාවන් අතර ගැටුම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේ දී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.

තව ද, පෞද්ගලික අංශයේ ආස්ථිත්වයන්, සමාගම් සහ සංස්ථා මගින් ඔවුන්ගේ ආයතනයන් සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අවශ්‍ය සෑම අවස්ථාවක දී ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහය සහ උපදෙස් ලබාගැනීමට ද හැකියාව ඇති බව අවධාරණය කරන ලදි.

0405 1

0405 1

0405 1

0405 1

0405 1

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search