2017.03.21 දින හලාවත කොට්ඨාශයට මාර්ග බාධකයේ මැටි, පස්, වැලි ප්රවාහනය කරන ලොරි රථවලින් පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට ලද පෙත්සමක් අනුව කොමිෂන් සභාවෙන් ලද නියෝගයක් අනුව විමසිලිමත් රාජකාරියේ යෙදී සිටි අවස්ථාවේ බලපත්ර සහිතව මැටි ප්රවාහනය කරන ලද ටිපර් ලොරි රථයේ ප්රවාහන බලපත්රය පරික්ෂා කළ බවට අත්සන යෙදුවහොත් ගමන් වාර සිමා වන බැවින් එසේ අත්සන් නොකර බලපත්ර ආපසු ලබා දීමට රු.100/- ක් අල්ලස් වශයෙන් ලබා දුන් රියදුරා සහ එම මුදල් භාර ගත් පොලිස් ආරක්ෂක සහායක හා මුදල් භාර ගැනීමට ගැනීමට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.