අඩිප්පල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට විදේශගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාශණ වාර්තාව ලබාදීම සඳහා සුදුසු බවට නිර්‌දේශ කරනු ලබන වාර්තාව ලබාදීම වෙනුවෙන් රු.2000/- (රුපියල් දෙදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු.500/= ක් (රුපියල් රුපියල් පන්සියය) අඩුකර, රු.1,500/= ක (රුපියල් එක්දහස්පන්සියයක)මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම යන අල්ලස් චෝදනා මත ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු 2025.03.14 දින ප.ව.3.55 ට පමණ බණ්ඩාරහේන කයිසර් බයිබල් දේවස්ථාන භූමිය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට
මැයි 08 2025