රුපියල් 500/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට සිර දඬුවම් සහ දඩ නියම කෙරේ

ත්‍රීවීල්රථ රියදුරෙකුගෙන් රථවාහන වරදක් සඳහා නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමට රු. 500/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද, භාර ගැනීමේ වරද සඳහා රථවාහන රාජකාරියේ නිරතවන ලද පොලිස් සැරයන්වරයෙකු වරදකරු කරන ලදි.

මෙම අල්ලස් මුදල අයැද, භාර ගැනීම සම්බන්ධව නියෝජ්‍ය පොලිස් රථවාහන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දීමෙන් අනතුරුව, මෙම සිද්ධිය සම්බන්ධව විවෘත විමර්ශනයක් කොට කොමිෂන් සභාව විසින් චෝදනා 4ක් යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, ගරු මහේස්ත්‍රාත්තුමන් විසින් නඩු පැවරීමට කටයුතු කරන ලදි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගරු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මැතිතුමන් විසින් චූදිතට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා 4 සඳහා ම වරදකරු වන බවට තීරණය කරන ලදි. එක් එක් චෝදනාව සඳහා වසර බැගින් වසර 4ක සිර දඬුවම් නියම කරන ලද අතර, එකී සිර දඬුවම් එකවර ගෙවී යායුතු බවට නියම කරන ලදි. තව ද, රු.5,000/- බැගින් සියලු චෝදනා සඳහා රු.20,000/=ක දඩයක් නියම කරන ලද අතර , 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් පන්සියය (රු.500/-)ක මුදල දණ්ඩනයක් වශයෙන් අයකරගැනීමට නියම කරන ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ (නීති) උදාරි කුමාරිහාමි මහත්මිය විසින් මෙහෙයවන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search