මහා පරිමාන වාහන බදු වංචාවක් අල්ලස් කොමිසමේ බුද්ධි අංශය සොයා ගනී

KE - 3845
අංක KE-3845 දරණ රථය ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොමැතිව ලංකාවට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කර, ශ්‍රී ලංකා රජයට රුපියල් 2,587,500/- කට අධික මුදලක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය මඟින් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇත.

ඉහත සඳහන් රථය ෆිනෑන්ස් සමාගමක හිමිකාරිත්වයේ තිබියදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක 98412/01/2023 යටතේ වු ගරු අධිකරණ නියෝග මත අල්ලස් කොමිෂන් සභාවේ භාරයට ගෙන, රේගු විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත 2023.08.29 වන දින එම ගරු අධිකරණයේ නියෝගය පරිදි නැවත භාර දීමක්ද, සිදු කර ඇත.

මීට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇත. ඔවුන්ට එරෙහිව නීති පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

මේ වන විට එලෙස නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා, නීත්‍යානුකූල නොවන ආකාරයට ලියාපදිංචි කර ඇති වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙය ඉතා සංවිධානාත්මක ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් ඇති බවටත්, ඒ තුළින් ලංකා රජයට රුපියල් බිලියන 05 කට අධික පාඩුවක් සිදුව ඇති බවටත් තොරතුරු ලැබෙමින් පවතී. ඒ සම්බන්ධව ද, ඉදිරියටත් විමර්ශන සිදු කරමින් පවතී.

HG – 5087
මෙම අංකයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොරි රථයක් 2003.07.03 වන දින ලියාපදිංචි කර තිබු අතර ඉන් පසුව එම අංකයට නීත්‍යානුකුල නොවන ආකාරයට ශ්‍රි ලංකා රේගුව හරහා (වාහන අමතර කොටස් තුල සගවා ) ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2022.08.15 වන දින පරිගණක පද්ධතියට දත්ත ඇතුලත් කර ලියාපදිංචිය සිදු කර ඇත. එම ලියාපදිංචිය සිදු කිරිමේදි මුලින් නීත්‍යානුකුල ලෙස ලියාපදිංචි ලොරි රථයේ දත්ත ඉවත් කර එම අංකයෙන් HDJ101- 0010931 දරණ ටොයෝටා ලැන්ඩ් කුෂර් වර්ගයේ ජිප් රථයක් ලියාපදිංචි කර දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට අනාවරනය වි ඇත. මෙතෙක් අය විය යුතු රේගු ගාස්තු හා අනිකුත් රජයේ ගාස්තු තක්සේර් කර නොමැති අතර දල වශයෙන් සිදුව ඇති රේගු බදු මිලියන 10 ක් පමණ බවට තොරතුරු ඇත.

GF - 8409
මෙම අංකයෙන් 2002.03.30 වන දින මෝටර් රථයක් නීත්‍යානුකුල ලෙස ලියාපදිංචි කර තිබු අතර එම රථය මෙරට පිහිටි යුරෝපා සංගම් කාර්යාලය වෙත රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු සදහා ආනයනය කල රථයක් බවට තොරතුරු අනාවරණය වි ඇත. එම රථය ප්‍රතිඅපනයනය කර ඇති බැවින් එම අංකයට ලියාපදිංචි කර තිබු මෝටර් රථයේ දත්ත ඉවත් කර 2022.07.28 වන දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ටොයෝටා ලැන්ඩ් කුෂර් වර්ගයේ ජිප් රථයක දත්ත ඇතුලත් කර ලියාපදිංචි කිරිමෙන් රජයට දුෂිත ලෙස මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් අය විය යුතු රේගු ගාස්තු හෝ වෙනත් බදු මුදල් සම්බන්ධව තක්සේරුවක් කර නොමැති අතර දල වශයෙන් මිලියන 10 පමණ පාඩුවක් සිදුව ඇති බවට තොරතුරු ඇත.

KA - 1141
මෙම අංකයෙන් වාහනයක් ලියාපදිංචි වි තිබු බවට 2005.07.04 වන දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට තොරතුරු ඇතුලත් කර ඇති අතර නමුත් භෞතික වශයෙන් 2015.12.18 වන දින තෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහනයක් ලියාපදිංචිව තිබු බව හෝ ආදායම් බලපත්‍ර ලබා ගත් බවට තොරතුරු නොමැති අතර මෙම රථය සදහා පළමුවෙන්ම 2016.01.08 වන දින ආදායම් බලපත්‍ර ලබාගෙන ඇති බවට තොරතුරු ඇත. රේගු ලේඛණ පරික්ෂා කිරිමේදි මෙම රථය ආනයනය කල බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුලත් කර ඇති රේගු සටහන්කරය පරික්ෂා කිරිමේදි එම අංකයෙන් ශ්‍රි ලංකා රේගුව මගින් රබර් ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති භාණ්ඩ ආනයනය කල බවට කරුණු අනාවරණය වි ඇත. මෙහි අහිමි වි ඇති රේගු බදු සම්බන්ධව මෙතෙක් තක්සේරු කර නොමැති අතර දල වශයෙන් මිලියන 07 ක් පමණ බවට තොරතුරු ඇත. මිට අදාලව දුෂිත ක්‍රියාවන් කරන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අනාවරණය වි ඇති අතර ඔවුන්ට නිතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

1221 1

1221 1

1221 1

1221 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search