ජපාන තානාපතිතුමන් ඇතුළු පිරිස හා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජපාන තානාපති මිසුකෝෂි හිදේකි මහතා සහ දෙවන ලේකම් කෝරි ඉමායි මහත්මිය සමග වැදගත් සාකච්ඡාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරුන් හා අධ්යක්ෂ ජනරාල් විසින් 2024 මාර්තු 21 වන දින පවත්වන ලදි. මෙම රැස්වීම සඳහා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) නියෝජිතයන් ද ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ (JAICA) නියෝජිතයන් ද සහභාගී වූහ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතින් ඉහළ නංවා ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා බලතල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, කොමිසමේ කාර්යභාරය පිලිබඳ හඳුන්වා දීමක් රැස්වීම ආරම්භයේ දී සිදු කරන ලදි. පුළුල් කරන ලද එම බලතල නිසියාකාරයෙන් ක්රියාවට නැංවීමේ අවශ්යතාවය ද මෙහි දී අවධාරණය කරන ලදි. එමෙන් ම, කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද කොමිෂන් සභාව ප්රතිව්යුහගත කිරීම හා වත්කම් බැරකම් ප්රකාශ ලබා ගැනීම සඳහා වූ ඉලෙක්ට්රොනික පද්ධතිය වැනි වැදගත් අංශ සම්බන්ධයෙන් ද මෙහි දී දැනුවත් කරන ලදි. මේ සඳහා ජපන් රජය විසින් ලබා දෙන සහයෝගයට කෘතවේදීත්වය ද පල කෙරුනි.

අදාල වෙනත් විවිධ මාතෘකා ද මෙහි දී සාකච්ඡාවට බදුන් වූ අතර, අල්ලස හා දූෂණය මැඩලීම සඳහා නිවාරණයේ වැදගත්කම, පැමිණිලි විමර්ශනය කිරීම හා නඩු පැවරීම වැනි කොමිෂන් සභාවේ කාර්යභාරයන් මෙන් ම, කොමිෂන් සභාවේ අවශ්යතාවය මත විමර්ශන ආරම්භ කිරීමට කොමිෂන් සභාවට ඇති බලතල ද එ් අතර විය. මේ සම්බන්ධයෙන් ජපානය සතු දැනුම ජපාන නියෝජිත කණ්ඩායම බෙදා හදාගත් අතර, “එක් අයෙකුට දඬුවම් කිරිම තුලින් 200 දෙනෙකුට අනතුරු අඟවයි” යන ආත්තෝපදේශය ගෙනහැර දක්වමින්, එක් විමර්ශනයක් ආරම්භ කිරීම තුළින් පමණක් කෙතරම් බලපෑමක් ඇති කරයි ද යන්න ඔවුන් පැහැදිලි කරන ලදි.

පාලනයේ දුර්වලතා හඳුනා ගැනීමේ දී හා දූෂණ අවදානම් ආමණ්ත්රණය කිරීමේ දී නිවාරණ ක්රමවේදවල වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිනි. දූෂණ විරෝධී ක්රියාමාර්ග අනුගමනය සඳහා රාජ්ය බලධාරීන්ට උපදෙස් දීම හා බලකිරීම සඳහා කොමිෂන් සභාව වෙත නව පනතේ 40 වන වගන්තිය මගින් ලබා දී ඇති බලතල මෙහි දී කොමිෂන් සභාව විසින් ඉස්මතු කල අතර, නිසි ක්‍රමවේද මගහැර යාමට ඇති අවස්ථා වැලැක්වීම සඳහා ශක්තිමත් ක්‍රමවේදයන් ගේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි.

ජපානය හා ශ්රී ලංකාව අතර පවතින ව්යාපාරික සබඳතා පවත්වා ගැනීම කෙරෙහි, වෙළඳපල සුපිලිපන්නබව හා අන්යෝන්ය වාසි සුරක්ෂිත කිරීම තහවුරු කරමින් ඇති දූෂණ විරෝධී ක්රියාමාර්ගවල වැදගත්කම ජපාන තානාපතිතුමන් විසින් මෙහි දී අවධාරණය ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට UNDP සහ JAICA ආයතන විසින් ලබා දීමට අපේක්ෂා කරන සහයයන් පිලිබඳ ව එම නියෝජිතයන් පැහැදිලි කල අතර අල්ලස හා දූෂණය පිටු දැකීමේ ප්රයත්න දිරි ගැන්වීම ඉලක්ක කරමින් ජපාන රජය හා ශ්රී ලංකා රජය අතර වූ අවබෝධතා ගිවිසුමක් UNDP නියෝජිතයන් විසින් සඳහන් කරන ලදි. ලබා දීමට අපේක්ෂිත තාක්ෂණික සහයයන් පිලිබඳ ව ඔවුන් පැහැදිලි කල අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් හා කොමිෂන් සභා අරමුණු සමග ඌනපූරණය වන වෙනත් ව්යාපෘති සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහය ලබා දීමට ජැයිකා (JAICA) නියෝජිතයින් කැමැත්ත ප්රකාශ කරන ලදි.

ශ්රී ලංකාව තුල ක්රියාත්මක කරන දූෂණය පිටු දැකීමේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් ලබා දෙනු ලබන සහය වෙනුවෙන් ස්තූතිය පල කරමින් මෙම රැස්වීම නිමාවට පත් විය.

1

1

1

1

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search