“දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ පළාත් වැඩසටහන් මාලාවේ මධ්‍යම පළාත මූලික කර ගනිමින් පැවැත්වූ වැඩසටහන

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා වන “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ පළාත් වැඩසටහන් මාලාවේ මධ්‍යම පළාත මූලික කර ගනිමින් පැවැත්වූ වැඩසටහන 2024 අගෝස්තු 02 වැනිදා The Kandyan Art At Hills හෝටල් පරිශ්‍ර‍ෙය් දී පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගීත්වයෙන් පවත්වන ලදී. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජා පාදක සංවිධාන, මහජන නියෝජිතයින්,තරුණයින්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම උදෙසා පුද්ගලයින් 52 දෙනෙක් ඒ සඳහා සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන මහත්මිය , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි එරංගා මධූෂි මෙනවිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

 0903nap 1

 0903nap 1

 0903nap 1

 0903nap 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search