“දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ තරුණ ප්‍රජාව මූලික කර ගනිමින් පැවැත්වූ වැඩසටහන

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා වන “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ තරුණ ප්‍රජාව මූලික කර ගනිමින් පැවැත්වූ වැඩසටහන 2024 අගෝස්තු 23වැනිදා රාමඩියා රන්මාල් නිවාඩු නිකේතන පරිශ්‍ර‍ෙය් දී පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගීත්වයෙන් පවත්වන ලදී. සමාජ ක්‍රියාකාරී තරුණයින්, විශ්ව විද්‍යාල ප්‍රජාව මගින් අදහස හා යෝජනා ලබා ගැනීම මින් සිදු කළ අතර තරුණ තරුණයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තෙවන කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කල අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවියය , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි එරංගා මධූෂි මෙනවිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

 0902 nap 1

 0902 nap 1

 0902 nap 1

 0902 nap 1

 0902 nap 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search