අගුනුකොළපැලැස්ස බන්ධනාගාර නියාමක නිලධාරින් පුහුණු කිරීමේ නිවාරණ වැඩසටහන 2022.04.06/07

2022 අප්‍රේල් 06 හා 07 යන දිනයන්හිදී අගුණුකොළපැලැස්ස බන්ධනාගාර නියාමක නිලධාරින් සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී සංජිව හේරත් මහතා, දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ.උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී දිනුෂා වික්‍රමආරච්චි මහත්මිය, විමර්ශන නිලධාරි ප්‍රදීප් අමරජීව මහතා හා නීති සහකාර චරක වික්‍රමසිංහ මහතාගේ දායකත්වයෙන් පැවැත්විණි. මෙහි ප්‍රථම දින රාත්‍රියේදී ගීත රාසවින්දනාත්මක වැඩසටහනක් පැවැත්වූ අතර එමගින් ඔවුන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරන්නට හැකියාව ලැබිණි. දෙවන දිනයේ දී අල්ලස හා දුෂණය පිටු දකිමින් තම රාජකාරි කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීමක් ඔවුනට ලබා දෙන ලද්දේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද අසුරු කරගනිමිනි.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search