පොලිස් අභ්‍යාස විද්‍යාලීය පුහුණු උපදේශකවරුන් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් පුහුණු කිරීමේ නිවාරණ වැඩමුළුව - කළුතර 2022.02.10

2022-02-10 දින කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලීය තිස්ස ශ්‍රවනාගාරයේ දී, පොලිස් අභ්‍යාස විද්‍යාලීය උපදේශකවරුන් 55 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා පුහුණුකරුවන් පුහුණු කිරීමේ නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මිය, අධ්‍යක්ෂ විමර්ශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක, සහකාර අධ්‍යක්ෂ (නීති) ගයාන් මාදුවගේ, දූෂණ නිවාරණ නිලධාරී සංජීව හේරත් මයා සහ දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය මෙය විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී හර්ෂ මදුසංක මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පරිගණක තාක්ෂණ සහය ලබා දෙන ලදී.

DSC 7893

DSC 7893

DSC 7893

DSC 7893

DSC 7893

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search