නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ අල්ලස හා දූෂණ නිවාරණ වැඩසටහන

නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, නාගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ආරාධනයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබීය. මෙම වැඩසටහන 2025 අප්‍රේල් මස 10 වන දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එයට නිලධාරීන් 210 කට ආසන්න පිරිසක් සහභාගි විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් තොටවත්ත මහතා හා දූෂණ නිවාරණ නිලධාරි එරංගා මදුෂි මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ කරුණු සපිරීමෙන් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

44 1

44 1

44 1

44 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search