ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි මහඔය රඹකැන්ඔය කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 87 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් 2025.03.26 වන දින අල්ලස හා දූෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් අති සාර්ථකව නිමා විය. රඹකැන්ඔය කලාපයේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මෙම නිවාරණ වැඩසටහන පැවැත්වුණි.
මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මෙනවිය හා දූෂණ නිවාරණ නිලධාරිනී එරංගා මධුෂි කුමාරි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.