ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි හුරුළුවැව කලාපයේ නිලධාරීන් සඳහා පැවැත් වූ අල්ලස හා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි දඹුල්ල හුරුළුවැව කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 122 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් 2025.03.25 වන දින අල්ලස හා දූෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් අති සාර්ථකව නිමා විය. හුරුළුවැව කලාපයේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මෙම නිවාරණ වැඩසටහන පැවැත්වුණි.

මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි තෙන්නකෝන් මෙනවිය හා දූෂණ නිවාරණ නිලධාරිනී එරංගා මධුෂි කුමාරි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

42 1

42 1

42 1

42 1

42 1

42 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search