බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගත් නිලධාරින් සඳහා වූ නිවාරණ වැඩසටහන

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගත් නිලධාරින් සඳහා තනතුරට අදාළ 104 A ආධුනික නියාමක පුහුණු කණ්ඩායම ලෙස ආරම්භ කරන ලද නේවාසික පුහුණු පාඨමාලාව මාස තුනක කාලයක් සඳහා 2025 ජනවාරි මස 23 දින අගුණුකොළපැලැස්ස පුහුණු මධ්‍යස්ථානයේදී නිලධාරින් 147 දෙනෙකු සඳහා ආරම්භ විය.

එහි 2025 මාර්තු මස 28 වන දින, අල්ලස් හා දූෂණ නිවාරණය පිළිබඳව වන එක් දින පුහුණු වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී T.W.K. එරන්ගා මධුෂි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

41 1

41 1

41 1

41 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search