ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි නිලධාරීන් සඳහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි නිලධාරීන් සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 25 වන දින ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ඒ සඳහා නිලධාරීන් 60 දෙනෙකු සහභාගි වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ටොයෝටා සමාගමෙහි දිවයින පුරා පවතින ශාඛාවන්හි නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් චේතිය ගුණසේකර මැතිතුමා, සහකාර අධ්‍යක්‍ෂ නීති උදාරි කුමාරිහාමි මහත්මිය හා නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, දූෂණ විරෝධී පනතෙහි පුද්ගලික අංශය සඳහා වන නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

45 1

45 1

45 1

45 1

45 1

45 1

45 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search