නිකවැරටිය පුහුණු අභ්‍යාස විද්‍යාලයේ දී පොලිස් නිලධාරීන්ට අල්ලස හා දූෂණය පිළිබඳ නිවාරණ වැඩසටහනක්

ශ්‍රී ලංකාව තුළ සුපිළපන් රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ අල්ලස හා දුෂණය තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණ පෙරදැරිව තවත් එක් නිවාරණ වැඩසටහනක් නිකවැරටිය පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්වුණි. ඒ ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වූ පොලිස් නිලධාරීන් සඳහා ය. මෙම වැඩසටහන 2025 මාර්තු මස 19 වන දින පොලිස් නිලධාරීන් 59 දෙනෙකු පමණ සඳහා පැවැත්වුණි.

නිවාරණ වැඩසටහන ඔස්සේ අල්ලස හා දූෂණය නිවාරණය යනු කුමක් ද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සුපිළපන්නභාවය හා අල්ලස හා දූෂණය හේතුවෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කරනු ලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශිලාමේඝ වැලිතොටගේ මහතා සහ නිපුනි කෝෂීලා තෙන්නකෝන් මෙනවිය මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුනි.

40 1

40 1

40 1

40 1

40 1

40 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search