ශ්‍රී ලංකාව තුළ සුපිළපන් රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ අල්ලස හා දුෂණය තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණ පෙරදැරිව තවත් එක් නිවාරණ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් නවක ග්‍රාම නිලධාරීන් සඳහා පැවැත්වුණි. මෙම වැඩසටහන 2025 මාර්තු මස 18 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී නිලධාරීන් 12 දෙනෙකු සඳහා පැවැත්වුණි.
නිවාරණ වැඩසටහන ඔස්සේ අල්ලස හා දූෂණය නිවාරණය යනු කුමක් ද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, සුපිළපන්නභාවය හා අල්ලස හා දූෂණය හේතුවෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කරනු ලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශිලාමේඝ වැලිතොටගේ මහතා සහ නිපුනි කෝෂීලා තෙන්නකෝන් මෙනවිය මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුනි.