2024 දෙසැම්බර් 19 වන දින, මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලුම පශු වෛද්‍ය නිලධාරීන් 50 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් පේරාදෙණි, ගැටඹේ පිහිටි සත්ත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය යනු කුමක්ද, එය වැලැක්වීමට ගත හැකි පියවරයන් කවරේද, එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.