ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දුෂණ, අකටයුතුකම් තුරන් කරමින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය නිලධාරීන් බලගන්වනු වස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024-12-18 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිවාරණ වැඩමුලුවක් පවත්වන ලද අතර ඒ සඳහා බන්ධනාගාර සැරයන් නිලධාරීන් 75 දෙනෙකු පමණ, පැය 6 කට ආසන්න කාලයක් තුළ වැඩමුලුවට සහභාගී විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය මිය සහ දුෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා වැඩමුලුවේ දේශනයන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.