2024 නොවැම්බර් මස 17 සිට 23 දක්වා වන ජාත්‍යන්තර වංචා දැනුවත් කිරීමේ සතිය (International Fraud Awareness Week) නිමිති කොටගෙන මොබිටෙල් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සඳහා අල්ලස හා දූෂණය පිලිබඳ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 19 වන දින පැවැත්වීමට යෙදුණි. මෙහිදී අල්ලසට හා දූෂණයට එරෙහිව සටන් කිරීමින් අල්ලසින් හා දූෂණයෙන් තොර සංස්කෘතියක් ආයතනය තුළ වර්ධනය කිරීම සඳහා කාර්යය මණ්ඩලය දිරිමත් කිරීමට මුල පිරීම මෙහි ප්‍රධාන අරමුණු විය. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ (නීති) ඩයනා කොඩිතුවක්කු මෙනවිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් පුද්ගලික අංශයේ දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.