උසස්වීම් ලද 1 පෙල ජේලර් හා පුනරුත්ථාපන නිලධාරින් සඳහා තනතුරට අදාල මුලික කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් 2024.08.20 වන දින සිට 2024.09.12 දක්වා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නව පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. එහි 2024 සැප්තැම්බර් 10 වන දින, “අල්ලස හා දූෂණය පිටුදැකීම” සඳහා වන නිවාරණය සඳහා එක් දින පුහුණු වැඩසටහනක් ලෙස වෙන් කර තිබිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි ශිලාමෙඝ වැලිතොටගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී M.A.R. දිල්ශානි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් සිද්ධි අධ්‍යයනයන් භාවිතයෙන් දැනුවත් කිරීමත් ඔවුනට පවතින ගැටළු සාකච්ඡා කිරීමත් සිදු කරන ලදී.