අල්ලස හා දූෂණය තුරන් කරමින් සුපිළිපන් රාජ්‍ය සේවයක් බිහි කිරීම උදෙසා තම ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් උඩපළාත ප්‍රාදේශීය සභාව විසින් නිවාරණ වැඩසටහනක්, 2024 ඔක්තෝම්බර් මස 23 වන දින උඩපළාත ප්‍රාදේශීය සභා ආයතන පරිශ්‍රය තුළ සංවිධානය කර තිබුණි.
ඒ අනුව, ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කර සුපිළිපන්න රාජ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණීන් පවත්වන ලද මෙම නිවාරණ වැඩසටහන, සුපිළිපන්භාවය, අල්ලස හා දූෂණය සම්බන්ධ නෛතික රාමුව, දූෂණ සංජානන දර්ශකය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් යන තේමාවන්ගෙන් සන්දර්භ වීය.
මෙම වැඩසටහන සඳහා උඩපළාත ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් 70 ක පමණ පිරිසක් සහභාගී වූ අතර, සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ඩබ්.ඉශානි චතුරිකා විජේසූරිය මහත්මිය සහ ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදි.