අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව UNDP (එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන) ආයතනයේ JURE ව්‍යාපෘතියේ මූල්‍යමය දායකත්වය ඇතිව පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩසටහන් පවත්වනු ලබයි. “ශ්‍රී ලංකාව අල්ලස දූෂණයෙන් තොර දේශයක් කරමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන් පවත්වනු ලබන අතර පළාත් මට්ටමින් සිදු කරන ලද වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍රීයව සාර්ථකව පවත්වන ලදී. ඒ අනුව මෙම වැඩසටහන් මාලාවේ වැඩසටහන් 09 ක් මේ වන විට අවසන් කර ඇත.
මෙම නේවාසික පුහුණු වැඩසටහන රාජ්‍ය සේවයේ සුපිළිපන්නභාවය නංවාලමින්, ශ්‍රී ලංකාව අල්ලසින් හා දූෂණයෙන් තොර දේශයක් කරා ගෙන යාමේ අරමුණින් පවත්වනු ලබන අතර, පුහුණුකරුවන් (ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්) විසින් මෙම වැඩසටහන් ස්වකීය කොට්ඨාසයන් තුළ පැවැත්වීමට අපේක්ෂිත ය.
දකුණු පළාතේ පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු සභාපති නීල් ඉද්දවෙල මැතිතුමා, ගරු කොමසාරිස් කේ.බර්නාඩ් රාජපක්ෂ මැතිතුමා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.වයි.ආර්.කේ.උඩවෙල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 17 සිට 19 දක්වා හික්කඩුව සිට්ට්‍රස් හෝටලයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, එම්. එල්. ගම්මන්පිල මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, නීතීඥ ජගත් ලියනාරච්චි මහතා, උපදේශක සහ වෘත්තීය පුහුණුකරු, මාලික අමරසේකර මහතා යන අය සම්පත් දායකත්වය සපයන ලදී. දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා දකුණු පළාත් සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරනු ලැබීය.
තව ද, මෙම වැඩමුළුවට ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරු සහ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු සහභාගි වූහ.