බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II පෙළ ජේලර් තනතුරට උසස් කිරීමේ තරඟ විභාගයෙන් සමත් නිලධාරින් අතුරින් සම්මුඛ පරීක්ෂණයට යොමු කර සුදුසුකම් සපුරන ලද නිලධාරීන් සඳහා II පෙළ ජේලර් තනතුරට අදාළ මුලික සුදුසුකම් පාඨමාලාව 2024.04.21 දින සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසලේ දී පැවැත්වුණි. ඉන් 2024 මැයි 3වන දින, අල්ලස් හා දූෂණ නිවාරණය පිළිබඳව වන එක් දින පුහුණු වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ පොලිස් පරීක්‍ෂක යූ.පී. වික්‍රමාරච්චි මහතා, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා පොලිස් සැරයන් ටී.ජේ. අබේරත්න මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් තාක්ෂණික සහාය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.