JURE ව්‍යාපෘතිය අනුග්‍රහයෙන් ඌව පලාත් සුපිලිපන්න නිලධාරී පුහුණුව සාර්ථකව සමාප්තියට

රාජ්ය සේවයේ නියුතු පරිපාලන නිලධාරීන් සඳහා වූ සුපිලිපන්න නිලධාරීන් පුහුණු කිරීමේ 8 වන වැඩසටහන ඌව පලාත ඉලක්ක කොට 2024 ජූනි මස 11 වන දින සාර්ථක ව පවත්වන්නට යෙදුනි. JURE ව්යාපෘතියේ අනුග්රහයෙන්, යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහයෙහි මූල්යාධාර යටතේ පවත්වන ලද මෙම වැඩසටහන සඳහා බදුල්ල හා මොනරාගල දිස්ත්රික්කයන් හී ප්රාදේශීය ලේකම් කාර්යාල, පලාත් සභා සහ මහ නගර සභාවල සුපිලිපන්න නිලධාරීන් හා පහසුකම් සැපයීමේ නිලධාරීන් වශයෙන් පත්කල නිලධාරීන්100 දෙනෙකු සහභාගී වූහ.

ජනතාවගේ සේවකයින් වශයෙන් මෙන් ම ශ්රී ලංකා ආර්ථිකය පවත්වාගෙන යන්නා වූ බදු ගෙවන ජනතාවට කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබා දීමේ වගකීම දරන භාරකරුවන් වශයෙන් මෙම නිලධාරීන් සතු ප්රායෝගිකමය රාජකාරිය මෙම පුහුණුවේ දී හුවා දක්වන ලදි. බ්රිතාන්ය පාලන සමයේ ඇති වූ ඓතිහාසික ඌව වෙල්ලස්ස කැරැල්ල මෙයට මනා පසුබිමක් එක් කලේය.

මෙහි දී, අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, ජ්යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බන්ඩාර මෙනවිය සහ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා යන ප්‍රවීන සම්පත්දායක පිරිස විසින් රාජ්ය අංශයේ සුපිලිපන්නතාවය හා ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අදාල හරවත් දේශන පැවැත්වූහ.

ඌව පලාත් පරිපාලන නිලධාරීන් විසින්, තමන් තුල යහපාලනය, සුපිලිපන්නතාවය හා දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් පහසුකම් සැලසීම උදෙසා වූ කැපවීම JURE ව්යාපෘති මූල්යාධාර යටතේ පවත්වන ලද මෙම වැඩසටහනින් තවදුරටත් දැඩි කොට ගෙන ඇත.

34 1

34 1

34 1

34 1

34 1

34 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search