ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් සඳහා පැවති අල්ලස හා දූෂණය පිලිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් 25 දෙනෙකු සඳහා අල්ලස හා දූෂණය පිලිබඳ ධාරිතා සංවර්ධන වැඩසටහනක් 2024 මැයි 28 වන දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී විමුක්ති ජයසුරිය මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. එහි දී, අල්ලස හා දූෂණයේ ප්‍රතිවිපාක, එය වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිලිබඳවත්, සුපිළිපන්නතා සංකල්පය හා නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search